තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - පාකිස්තාන විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී අද ආරම්භ වෙයි.
පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා - පාකිස්තාන විස්සයි20 තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර සියලු තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.
විස්සයි20 තරගාවලියේ සියලු තරග
ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් සඳහා සහාය දක්වන ලෝක ආහාර වැඩපිළිවෙලහි හදිසි ප්‍රතිචාර වැඩසටහන ඉහළ නැංවීමට කොරියානු ජනරජයේ සහාය ලබා දී තිබේ.
මෙරට මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රජාවන්ට හදිසි ජීවිතාරක්ෂක මුදල් ආධාර ලබා දීම සඳහා කොරියානු ජනරජය ඇමරිකානු ඩොලර් 500,000ක දායකත්වයක් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙලට ලබා දී තිබේ.
මෙම සහයෝගය මගින් ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ ප්‍රතිචාරය ශක්තිමත් කරන අතර ජීවනෝපායන්, ආදායම් සහ වෙළඳපොළට ප්‍රවේශය දැඩි ලෙස අඩපණ වී ඇති 32,000කට ආසන්න පිරිසකට සහාය වීමට හැකි බව ලෝක ආහාර වැඩපිළිවෙල සංවිධානය පවසයි.
මෙලෙස හදිසි මුදල් දීමනා හරහා, බලපෑමට ලක් වූ පවුල්වලට දේශීයව ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි වේ.
මෙම වැඩසටහන යටතේ, ජාතික මිණුම් සලකුණු සමඟ සමපාත වන ආකාරයට මූලික ආහාර වේලක පිරිවැය සඳහා ලෝක ආහාර වැඩපිළිවෙල සහාය ලබාදේ.
රංගිරි දඹුල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශුරයින්ට පිරිනැමෙන කුසලානය දඹුල්ල ක්‍රීඩාංගණයේදී දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ එළිදැක්වුණි.
පාකිස්තාන විස්සයි20 කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් සඳහා මෙලෙස එක්වන්නේ වසර 11කට පසුවයි.
මෙම විස්සයි20 තරගාවලියට සඳහා දඟ පන්දුයවන ක්‍රීඩක ට්‍රැවින් මැතිව් පළමුවරට ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට කැඳවා ඇති අතර චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේද යළි විස්සයි20 සචිතයට කැඳවා තිබේ.
ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර දඹුල්ලේදී අද ආරම්භ වන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ ආදායම ද 'Rebuilding Sri Lanka අරමුදලට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.
තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.