මෙම වසරේ දී සංචාරකයන් ලක්ෂ විසිතුන ඉක්මවා මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව සංචාරකයින්ගේ පැමිණීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ.
2024 වසරේ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය විසිලක්ෂ පනස්තුන්දහස් හාරසිය හැටපහක්.
මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට දෙසැම්බර් 26 වනදා දක්වා කාලය තුළ සංචාරකයන් විසිතුන්ලක්ෂ විසිදහසක් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව මේ වසරේ සංචාරකයින්ගේ පැමිණිමේ වර්ධනයක් සිදුව ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවලින් පෙනී යනවා.
මේ වසරේ ජනවාරි පළමුවනදා සිට දෙසැම්බර් 25 දක්වා කාලය පිළිබඳව සැලකිමේ දී වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව පන්ලක්ෂ දහනවදහස් අටසිය දාසයක්.
එක්සත් රාජධානියෙන් දෙලක්ෂ හත්දහස් පන්සිය දහයක්, රුසියාවෙන් එක්ලක්ෂ හැත්තෑඅටදහස් හත්සිය හතලිස්තුනක්, ජර්මනියෙන් එක්ලක්ෂ හතලිස් තුන්දහස් නවසිය අනූනවයක්, චීනයෙන් එක්ලක්ෂ තිස්දහස් හාරසිය පනස්දෙකක් වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.
එමෙන්ම එක්ලක්ෂ හත්දහස් තුන්සිය පනස්තුනක් ප්‍රංශයෙන් ද ඕස්ට්‍රේලියාවෙන් එක්ලක්ෂ පන්දහස් හයසිය එකක් සංචාරකයින් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තාවලින් පෙන්වා දෙන්නේ.
දෙසැම්බර් පළමුවනදා සිට දෙසැම්බර් 25 වනදා දක්වා පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව එක්ලක්ෂ අනූපන්දහස් තුන්සිය අනුහතරක්.